වයිරස් නිසා සමපුර්ණයෙන් අඩපණ වුණු පරිගණකයක් නැවත යථා තත්වයට පත්කර ගන්නේ මෙහෙමයි...

Genuine මෙහෙයුම් පද්ධතියක්  සහ Genuine Virus Guard එකක් නැතිනම් පරිගණකය බොහෝ දුරට අනාරක්ශිතයි.. සමහර වෙලාවට crack කරපු ව්යිරස් ගාර්ඩ් එකක් Install කරලා තිබුණත්, වයිරස් වලින් මෙහෙයුම් පද්ධතිය අඩාල වෙන්න පුලුවන්..
ඒ වගේම, වයිරස් ගාර්ඩ් එකක් ඉන්ස්ටෝල් නොකර තිබිලා, වයිරස් ආවට පස්සේ ගාර්ඩ් එකක් දාන එක , අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහනවා වගේ වැඩක්.. එහෙම කරාම ගොඩක් වෙලාවට වයිරස් ගාර්ඩ් එකත් හරියට වැඩ කරන්නේ නෑ..
මේ වගේ වෙලාවට ගොඩක් අය කරන්නෙ  පරිගණකය ෆෝමැට් කරන එක..නමුත් මේකට තියන එකම විසදුම ෆෝමැට් කරන එක නෙවෙයි...
වයිරස් ගාර්ඩ් හදන සමාගම් වයිරස් නිසා සමපුර්ණයෙන් අඩපණ වුණු පරිගණක(completely infected in viruses) යථාතත්වයට පත් කරන්න ක්‍රමයක් නොමිලේම දෙනවා...ඒවාට කියන්නේ  Rescue Disk කියලා..

Rescue Disk එකකින් පරිගණකය බූට් කරලා වයිරස් ඉවත් කරන්න පුලුවන්..පරිගණකයට install කරලා තියෙන Virus Guard එකට වයිරස් හොයාගන්න බැරි වුණාට Rescue Disk එකකින් බූට් කරනකොට හැම infected file එකක්ම වගේ හොයා ගන්න පුලුවන්..

AVG,kaspersky  වගේ  සමාගම්  තමන්ගේ Rescue Disk  සපයනවා..
Rescue Disk වර්ග දෙකකින් Download කරන්න පුලුවන්
1 පෙන් ඩ්‍රයිව් එකකකින්  බූට් කල හැකි Rescue Disk
2 CD එකකට රයිට් කරගෙන බූට් කල  යුතු  Rescue Disk

AVG සහ kaspersky  ,Rescue Disk භාවිතාකරන ආකාරය පියවර සහිතව පහල පෙන්වලා තියෙනවා...

  • මුලින්ම තමන් කැමති විදියෙ Rescue Disk එකක්  Download  කරගන්න.මෙන්න තියෙනවා Rescue Disk වලට links..


AVG Rescue CD











kaspersky Rescue Disk



  • පෙන් එකෙන් බූට් කල හැකි Rescue Disk එක  Download කර ගත්තානම්..

  • Download කර ගත්ත Rescue Disk file
  • එක   extract කරන්න  
  • setup එක run කරන්න
  • Rescue Disk එක  ලෙස සකස් කල යුතු  පෙන් ඩ්‍රයිව් එක තෝරා දෙන්න.

                                                              


  • ටික වෙලාවකින් පෙන් එක bootable විදියට හැදෙනවා..









  • CD image එක Download කර ගත්තා නම්.. ඒක CD එකකට Burn කර ගන්න..






  • දැන් හදා ගත් පෙන් එකෙන් හරි සීඩී එකෙන් හරි පරිගණකය බූට් කරන්න..
             

AVG
kaspersky
                                    

                                               
                                              

  • ඊලගට ලබෙන window එකෙන් Rescue Disk තොරන්න..

AVG
kaspersky
                                          
                                          











   
  •  agreement එකට agree වෙන්න  






  • Internet connection එකක් තියෙනවා නම් Database  එක update වෙන්න දෙන්න




AVG


kaspersky
                                      

  •  පරිගණකයේ  අවශ්‍ය තැන් scan කරන්න.. 

AVG
kaspersky
                                        













  • ලැබෙන Report එකෙන් කැමති විදියක් තෝරාගෙන පරිගණකය clean කරන්න..
  • AVG rescue cd එකට අදාල video tutorial  එක මෙතනින් බලන්න පුලුවන්



  • kaspersky rescue disk එකට අදාල video tutorial  එක මෙතනින් බලන්න පුලුවන්