පාඩමක් හොදට මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි, කෙටි සටහනක් සකස් කර ගැනීම. පාඩම ඉගෙන ගන්න දවසේ හොදට මතක තිබුනත්, කාලයක් ගතවෙනකොට පාඩම අමතක වෙලා යන එක සාමාන්‍ය දෙයක්. කෙටි සටහන් නිර්මාණය කරන්න භාවිතා කරන විවිධ ක්‍රම අතරින් සුවිශේෂී ක්‍රමයක් තමයි මතක සිතියම් එහෙමත් නැතිනම් memory maps නිර්මාණය කිරීම. අපි කඩදාසි කොලයක මතක සිතියමක් නිර්මාණය කලත්, විටින් විට අලුත් කරුණු එකතු කරන්න ගියාම මුළු සටහනම අපිළිවෙල වෙනවා. එහෙම අවස්ථා වලදී තියෙන එකම විසදුම තමයි, මුළු මතක සිතියමම ආපහු අදින එක. නමුත් මේ ක්‍රමය කාලය නාස්ති කිරීමක් විදියටයි මම නම් දකින්නේ.පරිගණකය භාවිතයෙන් බොහොම පහසුවෙන් මතක සිතියමක් නිර්මාණය කරගන්න පුළුවන්. අද මම කියන්න යන්නේ මම භාවිතා කරන මතක සිතියම් මෘදුකාංගය ගැන.
FreeMind කියන්නේ opensource memory mapping මෘදුකානගයක්. කෙටිසටහන් සකස් කර ගන්න වගේම, පාඩම සටහන් කරගන්නත් මේ මෘදුකානය භාවිතා කරන්න පුළුවන්. FeeMInd වලට ආදේශකයන් විදිහට තවත් වාණිජ මෘදුකාංග බොහොමයක් තිබුනත්, ඒවායේ පහසුකම් සීමා කර තිබෙනවා(feature Limited). නමුත් වාණිජ මෘදුකාංග භාවිතයෙන් ඉතාමත් අලංකාර ලෙස ඔබේ මතක සිතියම නිර්මාණය කරගන්න පුළුවන්.
මෙතනින් ඔබට freeMind download කරගන්න පුළුවන්.
ප්‍රධාන මාතෘකාව වටේට ශාකා විදියට කරුණු එකතු කරන්නට freeMind අවස්තාව දෙනවා.
අවශ්‍ය කොටස් පමණක් පෙනන පරිදි අනිත් ශාකා හකුලා තබන්නට පුලුවන්. උඩ තිබෙන මතක සිතියෙමේ ශාකාවක් දිගහැරුණු විට පෙනෙන ආකාරයයි පහත තිබෙන්නේ..
එහි තවත් ශාකා කිහිපයක් දිගහැරුණු විට ...
දින කිහිපයක් භාවිතා කිරීමෙන් මෘදුකානගය පිලිබදව බොහොම පහසුවෙන් ඉගෙනගන්නට පුළුවන්. මෘදුකාංගය පිළිබද වැඩි තොරතුරු
freeMind ෆෝරමයෙන් සොයාගන්නට පුළුවන්.