ඉන්ටර්නෙට් නැතිව Google transliteration ඉන්ස්ටොල් කරමු

බොහොම ලේසියෙන් පහසුවෙන් සින්ග්ලිශ් වලින් ටයිප් කරන්න පුලුවන් ක්‍රමයක් නේ  Google transliteration...
ප්‍රශ්නෙකට තියෙන්නේ මේක ඉන්ස්ටොල් කරන්න නම් අදාල පරිගනකයට ඉන්ටර්නෙට්  connection තියෙන්න ඔනේ..අලුත්ම version එක download කරගන්නා බව තහවුරු කර ගන්න තමයි එහෙම ක්‍රමයක් හදලා තියෙන්නෙ...ඉන්ටෙර්නෙට් නැති පරිගනකයකටත්  Google transliteration ඉන්ස්ටොල් කරගන්න පුලුවන් ට්‍රික්  එකක්  ගැනයි කියන්න යන්නේ.. හැබයි මේක කරන්න කොහේ හරි ඉන්ටර්නෙට් තියෙන පරිගනකයක් ඔනෙ වෙනවා .. cafe එකකින් වුනත් කරන්න පුලුවන්..


1-මුලින්ම  මේ  link එකට යන්න  http://www.google.com/ime/transliteration/.


2-දැන් සින්හල තොරලා terms වලටත්  agree වෙලා download කරන්න.තමන් කැමති තැනකට File එක  save කර ගන්න.



3-ඒ setup සෙටප් එක run  කරන්න

4-දැන් මෙහෙම වින්ඩො එකක් අපු ගමන් පොඩ්ඩක් නවතින්න.Next බොත්තම ඔබන්න නම් එපා.



5- windows logo key සහ R එකවර  ඔබලා  Run dialog  එකක්  open කරගන්න


6- දැන්    %programfiles%\Google\Update\Download කියලා   ටයිප් කරලා Enter ඔබන්න



7- දැන් open වෙන Folder එකේ {06A2F917-C899-44EE-8F47-5B9128D96B0A} වගේ නමක් තියෙන sub Folder එකක් තියෙනවද කියලා බලන්න..

 8-ඒ එක ඇතුලේ googlesinhaleseinputsetup.exe වගේ නමක් තියෙන setup එකක් ඇති.
ඒක pen එකකට කොපි කරගෙන ගිහින් ඉන්ටර්නෙට් නැති pc  එකකට  Google transliteration IME එක install කරගන්න පුලුවන.




    අලුත් පොස්ට් එකකින් හමුවෙමු ...

No comments:

Post a Comment